Sunday, January 13, 2013

තහනම් කළ කිරි ආහාරය



චෙකියෑං ප්රදේශයේ වෙන්චව් නම් ගමේ ෂි ආම් චෙං නමැති ළමයෙක් වාසය කෙළේ ය. එක්තරා රාත්රියක ස්වර්ණමය හෙල්ලක් අතින් ගත් දෙවි කෙනෙක් ඔහුට හීනෙන් පෙනී මෙසේ කියා ඇත. පුත්රය! ඔබට ජීවත් විය හැක්කේ ඔබේ වයස අවුරුදු දහ අට වනතුරු පමණක් ”. මේ සිහිනය දැකීමෙන් බියපත්ව නින්දෙන් පිබිදුණු ෂිආඕ චෙං තමාට ඉතා අඩු ආයුෂකින් මිය යාමට සිදුවීම ගැන මහත් සේ දුක් විය.

ෂිආම් චෙං නමැති මෙම ළමයාගේ පියා රාජ් නිලධාරියෙකි. ඔහු ඉතා අවංක රාජ් නිලධාරියෙක් වූ බැවින් ඔහුට උසස්වීමක් ලැබ වෙනත් ප්රදේශයකට සමාන මාරුවක් ලැබුණි. ඔහුගේ නව සේවා ස්ථානය සොචුවාං ප්රාන්තයේ වූ අතර එය ගම් ප්රදේශයෙන් බොහෝ දුර ස්ථානයකි. ෂිආඕ චේං තම නිවසින් බැහැරව සිටීමට කැමැත්තක් නොවී ය. එයට විශේෂතම හේතුව වූයේ තමා දුටු සිහිනය අනුව අකාලයේ මිය යන බවට තිබූ දැඩි විශ්වාසයයි. චෙංගේ සිහිනය ගැන ඔහුගේ පියා දැන සිටියේ නැත. එම නිසා පුතාට තමා සමඟ නව සේවා ස්ථානය පිහිටි ප්රදේශයට යාමට පියා බලකර සිටියේ ය. ඒ අනුව ඔවුහු නව සේවා ස්ථානය පිහිටි ප්රදේශයේ පදිංචියට ගියහ.

චෙං ගේ පියා නව සේවා ස්ථානයේ රාජකාරි භාරගත් දිනට පසුව දා එම නව සේවා ස්ථානයේ නිලධාරීන් විසින් ඔහු වෙනුවෙන් ප්රසාදය පළකිරීමේ සංග්රහයක් සංවිධානය කරන ලදී. ෂිආඕ චෙං සාදයට ආරාධනා ලැබී ය. අති විශේෂ උත්සව වලදී පිළියෙළ කරන අග්රගණයේ සූපයක් එහි විය. සෙචුවා ප්රාන්තයේ උසස්ම උත්සව අවස්ථාවල පිළියෙළ කරන ප්රණීත භෝජනය කකාරවන ලද සුප් බඳුනයි.

මෙම ප්රණීත භෝජනය පිළියෙළ කරන ක්රමය ඉතා හිංසාකාරී ය. ඉතා පාපකාරී ය. ඔවුහු මෙම කෑම පිළියෙළ කිරීමට යකඩ කූරක් ගල් අඟුරු ගිනිමැලයක බහා තදරත් පැහැය වන ලෙස රත් කරති. ඉන්පසුව තද රත්පැහැගත් යකඩය එළ දෙනකගේ බුරුල්ලට තබා තද කරති.

එළදෙනගේ බුරුල්ලෙහි කිරි රත් වූ යකඩයෙහි වටා බැඳෙයි. එය පච්ච වර්ණයට රත් යවටය කෙලවර මිදී පවතී. සමහරු මෙය කකාරවන ලද අමු කිරි ඉතා පෝෂ් දායක ආහාරයක් ලෙස සිතති.

චෙං මෙම සාදයේ දී තමාට ආහාර කොටසක් ගෙනෙනතුරු බලා සිටින සුළු කාලයේ දී නිකමට මෙන් කුස්සිය පැත්තට ගමන් කළේ ය. කිරි එළදෙනකු ඉතා හිංසාකාරී ලෙස බැඳ ඇති අයුරුත් යකඩ කූරක් ගින්නේ රත්වෙමින් තිබෙන සැටිත් දුටු හෙතෙම කෝකියා ගෙන් ගැන විමසුවේ ය. තමාට ආහාරයට දෙන ප්රණීත ආහාර බඳුන සකස්කරන ආකාරය සූපවේදිය විස්තර කෙළේ ය. මෙම අති භයානක රෞද් ක්රියාව මහා සාපරාධී දෙයක් බව ප්රකාශ කරමින් ඔහු වහා තම පියා ඇති තැනට දිවගොස් මේ අතිශය ම්ලේච්ඡ ක්රියාව වහාම නතර කරන ලෙස ඉල්ලා සිටියේ ය. මිනිසුන්ට ආහාරය ප්රණීත විය හැකි ය. එහෙත් අසරණ එළදෙන මේ හේතුවෙන් ලබන වේදනා කෙසේ ඉවසා සිටීදැයි ඔහු පියාගෙන් විමසී ය. ඔහුගේ පියා ඉතා කාරුණික දැහැමි පුද්ගලයෙකි. වහාම ඔහු ගොස් සූපවේදියා අමතා කෑම වට්ටෝරුව වෙනස් කිරීමට නියෝග කොට බුරුල්ල පිළිස්සීමට ගසේ බැඳ තිබූ කිරි එළදෙනද මුදා හැරියේ ය. එයින් පසුව සාදය අහිංසක සාදයක් බවට පත් විය. මෙයින් රාතී කීපයකට පසුව නැවත වරක් රන් හෙල්ල අතේ ඇති දෙවියා රාත්රියේ සිහිනයෙන් ෂිආඕ චෙං ඉදිරියේ පෙනී සිට මෙසේ කීවේ ය.

පුත ඔබ ඉතා යහපත් ක්රියාවක් කෙළෙහි ය. ඒ නිසා ඔබ අල්පායුෂින් මිය යන්නේ නැත. වෙනත් කුමක්ද? ඔබ සර්වප්රකාරයෙන්ම සාර්ථක පුද්ගලයෙක් වනු ඇත. ඔබ කෙදිනක හෝ මෙම චීන දේශයේ උසස්ම තලයේ පාලකයකු වනු ඇත.

ඊට හේතුව ඔබ විසින් කරන ලද සද් ක්රියාවයි. ඔහු වැඩී මධ් ආණ්ඩුවේ උසස්ම පදවියක් ලැබ වසර අනූවකටත් වැඩි කාලයක් ජීවත් වූයේ ය.( THE LOVE OF LIFE නමැති චීන බෞද්ධ සත් කථා සංග්රහයෙනි)
Free HTML Blog 4u