Saturday, January 12, 2013

අද්භූත මරණය



ක්රි.ව. 1732 දී චීනයේ කුයිෂිං රාජ් පාලන සමයේ වෙයි නමැති රැකියා විරහිත පුරුෂයකු සිටියේ ය. තම ජීවිකාව සඳහා ඔහු කෙළේ සතුන් දඩයම් කිරීමය. ඒ සඳහා ඔහු විවිධ ආකාරයේ උගුල් අටවා සතුන් අල්ලා මරාගෙන එයින් සමහරක් විකුණාගෙන මුදල් ලබා ගත්තේ ය. කුරුල්ලන් අල්ලා ගැනීමට දැල් හා වෙනත් ක්රම යොදා ගත්තේ ය.

මේ වෙනුවෙන් තුවක්කුවක්ද ප්රයෝජනයට ගනිමින් ඝාතනය කරන ලද සතුන්ගේ මස් මත්ද්රව් පානය කරමින් නිතර අනුභව කෙළේය.

මෙම දඩවැද්දා ජලජ ජීවින් වන ආඳුන්, ගෙම්බන් සහ ඉදිබුවන් අල්ලා ගැනීමට ජල මාර්ගවල උගුල් ඇටවීය. එපමණක් නොව සමහර අවස්ථාවල ජලාශවලට විෂ වර්ග දමා මියගිය දහස් සංඛ්යාත මත්ස්යයින් විශාල ගොඩවල් ගසා විකුණා ගත්තේය. තමාට හැකි ප්රමාණය ගිල දැමුවේය. එපමණක් නොව වනයේ ගස්වල කුරුල්ලන් විසින් සෑදු කූඩුවල දැමූ බිත්තර පරිභෝජනයට එක්කෙළේ එම කුරුළු කූඩු කඩා සුණුවිසුණු කර දමමින්ය.

මෙම සාපරාධී පාපකාරී ක්රියා ගැන විරෝධය දැක්වූ ඔහුගේ අසල්වාසීන් ඔහුට දෙන ලද අවවාද අනුශාසනා පිළිගත්තේ නැත.

වෙයි ඔය පාපකාරී වැඩ නතර කරල ගොවිතැනක් කරගෙන යහපත් මනුෂ්යයෙක් වගේ් ජීවත්වෙන්න. එහෙම නැත්නම් ඔබට කරන්ට පුළුවන් මොකක් හරි නම්බුකාර රස්සාවක් හොයා ගන්න’.

මෙවැනි උපදෙස් දෙන අයට ඔහු නිතර කියන්නේ මගේ වැඩ සොයන්නෙ නැතිව තමුසෙලාගෙ වැඩක් බලා ගන්නවයනුවෙන්ය.

වර්ෂය අවසානයේදී වෙයි නමැති මෙම වැඩිහිටි මනුෂ්යයා බරපතල රුධිර විෂ වීමේ ආබාධයකට ගොදුරු විය. ශරීරය පුරාම විෂ ගෙඩි මතුවෙන්ට පටන් ගති. මෙයින් සමහර ගෙඩි පරෙවි බිත්තර තරම් විශාල විය.

සමහර සැරව ගෙඩි පුපුරා ගොස් වෙඩි උණ්ඩ වලින් සෑදුන සිදුරු ලෙස දැඩි පිළිකුල් සහගතව පෙනෙන්නට විය. මේ නිසා මේ වැඩිහිටි වෙයි ගේ ශරීරය එකම සැරව කඳක් බවට පරිවර්තනය විය. අපාගතව රුදුරු දුක්වලට පාත්රවූවකු මෙන් මරහඬ නගමින් වෙයි දින කීපයක් දුගඳ විහිදුවමින් වැලපෙමින් ගත කෙළේය. කුසගින්නෙන් පිපාසයෙන් වේදනාවෙන් පීඩිතව අන්ත දුක්මුසු ආකාරයට වෙයි මිය ගියේය. ඔහුගේ පවුලේ අය මිනීපෙට්ටියක් ගෙනවුත් එම මෘත ශරීරය භූමිදාන කිරීමට සාම්ප්රදායානුකූලව පියවර ගත්හ.

දේහය භූමදානය සඳහා සූදානම් කළ වහාම නිවස අවටින් අද්භූතකාර මහා ශබ්දයක් ඇසෙන්නට විය. නිමේෂයක් ගතවත්ම රැස්වසිටි පිරිස මවිතයට පත්කරමින් දහස් ගණනක් වූ සත්ත්ව සමූහයක් මිණිය ආක්රමණය කළහ.

නිවැසියෝ ගල් ගැසී කර කියාගත හැකි දෙයක් නැතිව තුෂ්නිම්භූතව බලා සිටියහ. සිය ගණනින් කුරුළු රංචු පියඹා ආහ. එළුවන් ඉදිබුවන් ගෙම්බන් ආදී විවිධ ගණයේ සත්තු මිණිය මතට පැන කැබලි කඩා ගනිති. ඒ මේ අතට අදිති. ලෙව කති. ලෑටි ගාති. උරති.

නිවැසියන්ට එයට විරුද්ධව කිසිවක් කිරීමට ඉඩ නොතබා එක්වරම සිදුවූ මේ විපර්යාසය ගැන ගම පුරා පතල විය. මිනිස්සු පසුබෑහ. සත්තු ජයගත්හ.අවසානයේදී සියලුම සතුන් විසිර ගියේ මුළු ගමම මවිතයට පත් කරමින්ය. ඒ වනවිට ඉතිරිව තිබුණේ් වෙයි ගේ මස් කළඳක්වත් නොමැති ඇටසැකිල්ල පමණය. වෙයිගේ සාපරාධි ක්රියා වලට මෙලොව දීම දඬුවම් ලැබුණ බව ගම්මු අත්දැකීමෙන් වටහා ගත්හ.

LOVE OF LIFE ඇසුරෙනි.

No comments:

Post a Comment

Free HTML Blog 4u