Friday, January 11, 2013

මහලු කුං මැතිණිය



මස් මරන්නා සිහිනය ගැන වැඩි යමක් කල්පනා නොකළේ ඔහුද ජීවිත කාලය පුරාම ප්රාණඝාත කිරීමේ නියැලී සිටි බැවින් ය. එම සිහිනය දැක දින පහකට පසුව වෙනදා නොඇසු විරූ තරම් අති විශාල ගංවතුරකින් නගරය සම්පූර්ණයෙන්ම යටවී ගියේය.

දහ අට වැනි ශත වර්ෂයේ චී එන්ලුං චීන අධිරාජයාගේ පාලන සමයේ සිදු වූ සත් පුවතක් මෙසේ වාර්තා ගතවිය. එවකට චීනයේ ජුන්චව් නගරයේ ජීවත් වූ මනුෂ්යයෝ මහා අධම අශීලාචාර ගති පැවතුම් ඇත්තෝ වූහ. ඔවුන්ගේ ප්රධාන විනෝදාංශයත්, ජීවන වෘත්තියත් වූයේ සත්ව ඝාතනයයි.

එම නගරයේ පුරුෂයෝ හා පිරිමි ළමයි පමණක් නොව ස්තීරහුද , ගැහැණු ළමයි කුඩා කල සිටම කෲරකම් වලට හා සත්ව හිංසා වට පුරුදුව සිටියෝය. එම නගරයේ ගැහැණු ළමයින් වැඩිපුර නොවීය.

ඊට හේතුව ගැහැණු ළමයකු උපන් වහාම ළමයා දියේ ගිල්වා මරාදැමීම එහි සිරිත වූ බැවිනි. හදාවඩා ගන්නේ සීමිත ගැහැණුන් සංඛ්යාවක් පමණකි. එසේ තම දරුවන් ඝාතනය කරන ඔවුහු නසන්නේ තමාගේම දරුවන් නොවේදැයි නොසිතති. පිරිමි දරුවන් හදා වඩා ගන්නේ ගොළුබෙල්ලන්, දියබෙල්ලන් හා ගෙම්බන් අල්ලා ගැනීමටත්, ඔවුන් විකිණීමටත් ආහාරයට ගැනීමටත් පුරුදු කිරීමටය.

පිරිමි ළමයි හා ඔවුන්ගේ කුඩාම ළමයි පවා මේ සතුන් පිහියකින් කපා ඝාතනය කිරීමට දනිති. තම දරුවන් සතුන්ට ඉතා කෲර ලෙස හිංසා කරනු දකින වැඩිහිටියෝ තම දරුවන්ගේ සාපරාධි ක්රියා මහත්සේ අගය කොට, වර්ණනා කොට තව තවත් ඊට අනුබල දෙති. කොහොමද, මගේ පුතා හරිම හපනෙක් නේ යනුවෙන් පුරසාරම් දොඩති.

සත්ව ඝාතනය , පරපණ නැසීම මහා වීර ක්රියාවක් ලෙස සැලකිමේ සංකල්පය අනුව ඔවුහු තම දරුවන් ඇති දැඩි කළහ.

නමුත් ජුන්චච් නගරයේ සිටි සියලුම පුරවැසියන් පාපකාරී ක්රියාවල අන්තයට ගිලි සිටිය හයි නොසිතිය යුතුය.

එම නගරයේ ඉතා යහපත් ගති පැවතුම් ඇති කුං නමැති මහළු කාන්තාවක් ජිවත්වුවාය. හිංසාකාරී ලෙස ජීවිතහානි කිරීමට වඩා ජීවිත ආරක්ෂා කිරීම යහපත් බව සිතු එහි සිටි එකම තැනැත්තිය ඇයම වූවාය. ඇය එම අසල ගංගා තීරයේ වැලිතලාවට ගඟෙන් ගොඩට පැමිණ අතරමංව ඉබාගාතේ යන දියබෙල්ලන් අවුලා ගෙන නැවත නිරුපද්රිත ලෙස ගඟට ගෙනගොස් දැමීම පුරුද්දක් කරගත්තාය. එමෙන්ම ජලයේ පාවී යන කුහුඹුවන් විශාල සංඛ්යාවක් ඇය විපතින් බේරා ගත්තාය. මෙම ක්රියාව දකින එම ප්රදේශයේ වැඩිහිටි ස්ත්රී පුරුෂ දෙපක්ෂයේම පිරිස ඇයට සිනාසුණෝය. ඇය පිස්සියකැයි අවමන් කළහ.

එක් රාත්රියක එහි ධීවරයෙක් පුදුම උපදවන සිහිනයක් දුටුවේය.

රටේ කළු පැහැති රාජ් නිල ඇඳුම ඇඳගත් දෙදෙනෙක් පැමිණ එම ගං ඉවුරේ තිබි පොතක් අහුලා ගත්හ. ඒ පොත කුමක්දැයි මස් මරන්නා විමසුවේය.

මේ පොතේ හොඳ වැඩ කරන අයගේත්,, නරක වැඩ කරන අයගේත් විස්තර සහ කරපු හොඳ නරක දෙකම ලියා තිබෙනවා යි ඔවුහු ධීවරයාට කීහ. තම තමන් ජිවිත හානි කිරිමෙන් ලබාගෙන ඇති ණය මේ පොතේ ලියවී ඇතැයි වැඩිදුරටත් කීවෝය.

මෙම සිහිනය ගැන ධීවරයා අනික් අයට කියා සිටි මුත් වැඩිදෙනකු එය ගණනට ගත්තේ නැත. තම තමන් ජීවිත හානියෙන් ලබාගෙන ඇති ණය ප්රමාණය පොතෙන් බලා ගත හැකි යැ යි කී විට ඔවුහු සිනාසුණහ.

මස් මරන්නා සිහිනය ගැන වැඩි යමක් කල්පනා නොකළේ ඔහුද ජීවිත කාලය පුරාම ප්රාණඝාත කිරීමේ නියැලී සිටි බැවින් ය. එම සිහිනය දැක දින පහකට පසුව වෙනදා නොඇසු විරූ තරම් අති විශාල ගංවතුරකින් නගරය සම්පූර්ණයෙන්ම යටවී ගියේය.

සමහරුන්ට ආධාර ඉල්ලා කැගෑසීමටවත් ඉඩක් නොවන ලෙස ක්ෂණිකව ගලාගෙන මහා ජලධාරාව මුලු නුවරම සම්පූර්ණයෙන්ම සෝදාගෙන ගියේය.

එම නුවර වැසි මුළු මහත් ජනතාව අතරින් ඉතිරි වුයේ කුං නමැති මහළු කාන්තාවම පමණකි.

එදා නගරය මුළුමනින්ම සෝදා පාළුකළ මහා ගංවතුරට දවසකට කලින් කුං මහත්මියගේ කුඩා මුණුපුරා මැලේරියාව උත්සන්නව පීඩාවට පත් වු බැවින් කඳුකරයේ මහා හාස්කම් ඇති විහාරයකට ඔහු රැගෙන ගොස් යාතිකාවක් කිරීමට ඇය ගියාය. දින කිපයකින් මුණුපුරා සුවපත් වූයෙන් ඇය ආපසු තම නිවාස කරා පැමිණියාය.

ඇයට දැකගන්නට හැකි වුයේ නගරයේ සුන් බුන් හා විනාශ වි ගිය ගේ දොර පමණය.

තමාත් තම මුණූපුරාත් පමණක් නිරුපද්රිතවීමට හේතුව තමාගේ සත්ව කරුණාව හා සත්ව ජීවිත මුදාගැනීමේ පින් මහිමය බව ඇය සිහිපත් කළාය.

(LOVE OF LIFE ඇසුරෙන් සකස් කෙරිණි)සුරෙන් සකස් කෙ

No comments:

Post a Comment

Free HTML Blog 4u