Friday, January 11, 2013

‘දෛවය වෙනස් කළ හැකි ය’



යූආන් ලියුචුවාන් එවකට චීනයේ සිටි අති දක්ෂ ඡ්යොතිෂවේදියෙකි. ඔහුට යම් කෙනකුගේ හස්තරේඛා අනුව හෝ නාසයේ හැඩය අනුව හෝ නිවැරදිව දෛවය හෙවත් ඉරණම ගැන පුරෝකථනය කළ හැකිය. එක් දිනක් රජයේ උසස් තනතුරක් දරන නිලධාරියෙක් තම පුත්රයාගේ දෛවය පිළිබඳව විමසීමට යූආන් ලියුචුවාන් ශාස්ත්රඥයා හමුවීමට ගියේය. මෙම ළමයා පරීක්ෂා කළ ශාස්ත්රඥයා වහාම තේරුම් ගත්තේ වසර කීපයකින් ඔහු ජීවිතයෙන් සමුගන්නා බවය. ඔහු බව ළමයාගේ පියාවන රාජ් නිළධාරියාට කෙළින්ම ප්රකාශ කෙළේය.

මෙයින් මහත්සේ කැලැඹුණ රාජ් නිලධාරියා ගෙදර නොගොස් ළමයාත් සමගම කෙළින්ම දිවගියේ විහාරයට . ඉතා කලබලකාරීව නො ඉවසිලිමත් ලෙස හැසිරුණු නිලධාරියා භික්ෂුන් වහන්සේ නමක් හමු වී වැඳ නමස්කාර කෙළේය. ස්වාමීන් වහන්සේ රාජ් නිලධාරියාගේ අසාමාන් ස්වභාවය දැක ඔබ කලබලකාරීව මහත් ශෝකාකූලව සිටින්නේ මන්දැයි “” විමසු සේක. මීට ස්වල්ප වේලාවකට පෙර දෛවඥ යූආන් ලියුචුවාන් තුමා විසින් තම පුත්රයා පිළිබඳව කරන ලද ප්රකාශය සඳහන් කෙළේය. එම භික්ෂුන් වහන්සේද රාජ් නිලධාරියාගේ පුත්රයා දෙස විමසිල්වත්ව බලා ඔහුගේ ඉරණම ගැන සමීක්ෂණයක්ද කර ඊට කළ යුතු පිළියම් විස්තර කෙළේය.

ඔබේ කුඩා පුත්රයා විපතින් ගලවා ගත හැකිය. එයට කළ හැකි පිළියම අදෘශ් මාන බලගවේග ශක්තිමත්කොට මතුකර ගැනීමය. නමුත් අපට යහපත් දේ ඉටුකිරීම සඳහා අවස්ථාව ලැබෙන්නේ ඉතා කලාතුරකින්ය. සඳහා කළ හැකි පහසුම ක්රමය මරණය සඳහා කැපව සිටින ප්රාණීන් මරණයෙන් නිදහස් කිරීමය. එම ක්රියා මාර්ගය අනුගමනය කළහොත් සැඟවී ඇති සද්භාව බලය මතුවී එම බලය විසින් දෛවය හෝ ඉරණම හෝ පරාජය කරනු ලබනවා ඇත.

එයින් මහත් අස්වැසිල්ලක් ලැබූ රාජ් නිලධාරියා එදා පටන් සත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම අත් හැරියේය. මස් කෑමට පුරුදුව සිටි හෙතෙම නිර්මාංශ අනුභවයට හැඩ ගැසුණේය. මරණය සඳහා කැපව සිටි හෝ කූඩුවල දමා හිරකරගෙන සිටි හෝ පක්ෂීන් සිවුපාවුන් වැනි බොහෝ ප්රාණීන් නිදහස් කර හැරියේය. ඔහු වසර ගණනක් මෙම ක්රියාව අඛණ්ඩව කරගෙන එමින් සිටි අතර එක් දිනක් නැවත විහාර භූ®මිය කරාගොස් භික්ෂූන් වහන්සේ මුණ ගැසුණි. එහෙත් උන් වහන්සේ කියා සිටියේ මදි! ඔබ තවත් ශක්තිමත් සද්භාව බලයක් ලබාගෙන නැති නිසා ඔබේ පුත්රයා අකල් මරණයෙන් මුදා ගැනීමට ඇති හැකියාව තවමත් අවිනිශ්චිතයි යනුවෙනි.

ප්රකාශයෙන් තවත් ධෛය¸වත් වූ රාජ් නිලධාරියා ප්රාණීන් මුදා හැරීමේ ක්රියාවලියට දිවා රාත්රි නොබලා වෙහෙස මහන්සි විය. කොතැනක හෝ එබඳු හෝඩුවාවක්, අවශ්යතාවයක් දැන ගන්ට ලැබුණ වහාම එතැනට යන ඔහු ඊට ශ්රමය හෝ වේවා පරිත්යාගය හෝ වේවා ප්රථමයෙන්ම කරන තැනැත්තා විය. මෘගයකු හෝ වේවා පක්ෂියෙකු හෝ වේවා ලොකු කුඩා භේදයක් නැතිව ජිවිත මුදා ගැනීම ඔහුගේ ඒකායන අරමුණ විය. එම ළමයාගේ පියා මේ අන්දමින් ගණනික් මෙතෙකැයි කිය නොහැකි තරම් ප්රාණ විශාල සංඛ්යාවක් ජීවිත දානය දී මුදා ගත්තේය. වසර කීපයක් ගතවත්ම රාජ් නිලධාරියාගේ පුත්රයාගේ මරණය සිදුවන දිනය ලෙස ඡ්යොතිෂවේදියාණන් නියම කොට තිබූ දිනයද ඉකුත් වී ගියේය. එහෙත් ළමයා ආපදාවකින් තොරව නිරුපද්රිතව කඩවසම්ව සෞඛ් සම්පන්නව යොවුන් වියට පිවිසෙමින් සිටියේය. චිරප්රසිද්ධ ඡ්යොතිෂ විද්යාවේදී අනාගත වාක්තෘ යූආන් ලියුචූවාන් විද්වතාණන්ට මේ ආරංචිය සැලවුයේය. මෙම සිද්ධියෙන් අනතුරුව යුආන් ලියු චූවාන් ශාස්ත්රවේදීයා තමා හමුවට එන පිරිස අතර අකල් මරණයට පාත්රවේයයි අනුමාන කරන අයට ඔහු උපදෙස් දෙන්නේ යහපත් දේ කිරීමටය. විශේෂයෙන් සත්ව ඝාතනයෙන් වැළකී මරණයට කැපව සිටින හෝ කූ®ඩුවල සිරගත කරගෙන සිටින හෝ ප්රාණීන්ට අභය දානය දීමෙන් යමෙකුගේ දෛවය පවා වෙනස් කළ හැකිය යන ආකල්පය චීනයේ බොහෝ ප්රාන්තවලට පැරති ගිය අතර නිසා ජීවිත විශාල සංඛ්යාවක් අකල් මරණයෙන් මිදී පරමායුෂ විඳීමට සමත් වු බවද ප්රචලිත විය.

එපමණක් නොව පරපණ නොනැසූ බොහෝ දිළිඳු අය එම කුසල හේතුවෙන් මහා ධනවතුන් බවට පත්වු හැටිද ප්රචලිත විය.

සදාචාරාත්මක සද්ක්රියා වල ප්රබල පුණ් ශක්තියෙන් යමකුගේ ඉරණම පවා වෙනස් කළ හැකිය යන ආකල්පය චීනය පුරා පැතිර ගියේය.

Love of Life  ඇසුරෙන් සකස් කැරිණි.

No comments:

Post a Comment

Free HTML Blog 4u