Friday, January 11, 2013

වෙස් වළාගත් මකර කුමාරයා



සැට විය ඉක්මවා සිටි චූ නමැති මහළු පුරවැසියෙක් චීනයේ චියාං ප්රදේශයේ වාසය කෙළේය. හෙතෙම ස්වකීය ජීවිත කාලය පුරාම ප්රදේශයේ මහජනතාවට ප්රයෝජනවත් යහපත් දේ කිරීම ප්රතිපත්තිය ලෙස නොපිරිහෙළා ඉෂ්ට කෙළේය. ඔහුට සම්බන්ධව කිසිවකුගේ ආරාධනාවක් හෝ ඉල්ලීමක් හෝ අවශ් නොවීය. ඒ අතීත සමයේ චීන රටේ ගමනා ගමනය අතිශය දුර්වල ස්වභාවයේ පැවැතියේය.

මාර්ග සංවර්ධනය කිරීමක් මැනවින් නොවු බැවින් ගම්බද ජනයා මහත් දුෂ්කරතාවලට මුහුණ දුන්හ. මේ දුර්වලතාවයට ස්වකීය ශක්ති ප්රමාණයෙන් මුදල් වැයකොට බෝක්කු පාලම් දඬු ආදිය නිසි නිසි ස්ථාන වල සකස් කෙළේය. පාරවල් වල තිබූ වළගොඩැලි ඉවත්කොට වර්ෂාවෙන් අබලන් වන ස්ථාන පිළිසකර කරවූයේය. මේ සද්ක්රියාව නිසා ඔහු පදිංචිව සිටි ප්රදේශයේ වාසය කළ ජනතාව ඔහුට මහත් සේ ගරුසරු දැක්වූහ. ප්රශංසා කළහ.

එක් දිනක යම් කටයුත්තක් සඳහා ඔහු බැහැර යන විට මස් මරන්නකු විසින් අල්ලා ගන්නා ලද මත්ස්යයකු විකිණීමට කඩපොළ වෙත ගෙන යනු දුටුවේය. මෙම මත්ස්යයා ඉතා ලක්ෂණය. වෙනත් මසුන්ට වඩා අතිශය දැකුම්කළුය. මෙම සුවිශේෂී මත්ස්යයා ගේ රක්ත වර්ණ පැහැය දැ,ල්වෙන ගිනි සිළුවක් සේ දීප්තිමත් විය. එපමණක් නොව ඒවා ස්වාභාවිකව දැල්වෙන ගිනි මෙන් රශ්මියෙන්ද යුක්ත වූයේය. ඇස් අහසේ දීප්තිමත්ව තාරුකාමෙන් බැබලෙමින් තිබුණි. මෙම මත්ස්යයා ආහාර පිණිස ගැනීම කවරෙක් කළත් එය ලජ්ජා විය යුතු දෙයක් සේ සිතූ මහළු චූ මහත්මයා එම මත්ස්යයා හොඳ මිලක් මස් මරන්නාට දී ගෙදර ගෙනවුත් පොකුණක රඳවා ඇති දැඩි කෙළේය. එම ක්රියාවෙන් ඔහු අති විශාල පීරතියක් හා සැනසුමක් ලැබුවේය. නමුත් සැට විය ඉක්මවූ චූ මහතාගේ කාය ශක්තිය දුර්වලය. කිසිවකුට සදාකාලිකව ජීවත්විය නොහැකිය. මෙම සිද්ධියෙන් වැඩි කාලයක් ගතවීමට පෙර ඔහුට ක්ලාන්ත ගතියක් හා ඉන්ද්රිය දුර්වලත්වයක් මතු විය. මේ නිසා ඔහු මහත් දොම්නසට හා කලකිරීමට පත්විය. මා වැඩිකලක් ජීවත් නොවෙතැයි යන සිතිවිල්ල ඔහු තුළ බලවත්ව නැගී සිටියේය.

අසනීප ස්වභාවයෙන් ඇඳෙ වැතිර සිටියදී එක් දිනක් කුඩා මෙහෙකාර ළමයකු ඔහුගේ නිවසට පැමිණ මෙසේ කියා සිටියේය. චූ මහත්මයා ! මගේ ස්වාමියා මා ඔබතුමා වෙත එවූයේ ඔබතුමාට එතුමා සමග කෑම වේලක් ගැනීමට එන ලෙස ආරාධනා කිරීමටයි.

මහලු චූ මහත්මයා මෙම සේවකයා කවර ස්වාමියකුගේ අත්උදව් කාරයෙක්දැයි දැන සිටියේ නැත. නමුත් ඇඳෙන් නැගිට සිටීමට අවස්ථාවක් ලැබීමත් යම් යහපතකට හේතුවක්ද විය හැකිය. මෙම ආරාධිත ආහාරවේල ස්වකීය දුර්වල ශරීරයට කිසියම් ශක්තියක් ලැබේය යන විශ්වාසය මත සේවකයා සමග ආරාධිත ස්ථානය කරායාමට පිටත්විය. එසේ යන අතර ඔහු සිතිවිල්ලේ නිමග්න විය. මම ඇත්ත වශයෙන්ම රෝගාතුරයෙක් අප යන මේ මාර්ගය අවට පරිසරය අති සුන්දරයි. සිත්පැහැර ගන්නා සුළුයි. අතිශයින් සුවදායකයි. වටපිටාව රන් ආලේපිත කළා සේ දීප්තියෙන් බබලනවා. මෙහෙම තැනක් මා මීට පෙර දැක නෑ.

ගතවූයේ ඉතා සුළු වේලාවකි. කැටයම් සහිත රන්මුවා කණුවලින්ද රනින් කළ බාල්ක ආදියෙන්ද විසිතුරු වූ වෛර්ණ මාණික්යාදී මාලා බන්ධන සහිත මාලිගාවක් හමුවේ ඔහු සිටින බව දැකගත්තේය. පුදුමයකි එහි ප්රධාන දොරටුවෙහි රන් අකුරින් ලියා තිබුණේ (ERYSTAL PALACE ) පළිඟු මාලිගාව යන්නය. මේ මකර රාජ්යයේ රාජ මාලිගාව නොවේදැයි එක්වරම චූ මහත්මයාගේ මතකයට නැගුණේය.

තත්පර කීපයක ඇවෑමෙන් රාජ භවනයෙන් පිටතට ආවතේව කාරයකු පැමිණියේය. ඔහු ඉතා සිත්ගන්නා සුළු රූප ශෝභා ඇත්තෙකි. ඝන ඇස් බැම වලින් යුත් මුහුණ ප්රෞඪත්වය කියා පෑවේය. නේත් දිගටිය. දිග රැවුල් කැරළි පහකින් සමන්විත මුහුණ තේජවන්තය. තේජස් වී බව වසා නැගී සිටි කාරුණික හා ශාන්ත දාන්ත පෙනුම චූ මහතාගේ සිත ඔහු කෙරෙහි බැඳීමට හේතුවිය. ඔවුහු සුළු සතුටු සාමීචියක් පැවැත්වූහ. සතුටු සාමීචියේදි අනාවරණය වුයේ සේවකයකු නොව මකර මහා රාජයාණන් බවය.

දෙදෙනා එක්ව ඉතා සතුටින් භෝජන සංග්රහය භුක්ති වින්දහ. ලෝකයේ උසම කඳු පර්වත මුදුනේ සිට සාගර පත්ල දක්වා වූ සියලුම රස ගුණ කැටිකළ ප්රණීත දෙයින් මේසය අතුරු සිදුරු නොවීය.

බොජුන් කිස නිමාවෙන් පසු මකර රජතුමා මහළු චූ මහතා අමතා මෙසේ කීය.

මාගේ පුත්රයෙක් මෝඩ ක්රියාවක් කිරීම නිසා ඉකුත් දිනයක කිසිවකු විසින් පැහැරගෙන ගොස් තියෙනවා. ඒ පැහැරගත් අය ඔහු මරණය සඳහා රැගෙන යන විට වාසනාවට වගේ ඔහු මරණයෙන් මුදා ගැනීමට ඔබට හැකිවුණා. මේ සඳහා අපි ඔබතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා. සත්තකින්ම දැන් මේ ලෝකයෙහි ඔබගේ ආයු කාලය අවසන්. නමුත් මත්ස්යයකුගේ වෙස්ගෙන සිටි මකර රාජකුමාරයකු මරණයෙන් මුදාගෙන ඔබ කරන ලද ජීවිත දානය උදාර පුණ් කර්මයක් . ඒ හේතුවෙන් ඔබ තවත් බොහෝ කාලයක් නිරුපද්රිතව ජීවත්වීමේ වරය දිනා ගත්තා. මා විසින් මේ සුළු සාදය පිළියෙල කරන ලද්දේ මගේ බලවත් සතුට ඔබතුමාට හෙළිකිරීමටත්, ඔබ ලැබූ අතිරේක ආයු කාලය ගැන සැලකිරීමටත්ය.

මහලු චූ මහතා ඉතා යටහත් පහත්ව මකර රජතුමාගේ ජීවමය තිළිණය ඉතා කැමැත්තෙන් භාරගන්නා බව දන්වමින් මෙයින් පසුවත් එවැනි යහපත් ක්රියාවල නිරතවන බවට පොරොන්දුවක්ද දුන්නේය.

සාදයෙන් අනතුරුව පිනා ගිය රස නහර වලින් යුතුව පිරුණූ කුසය සහිතව චූ මහතා නින්දෙන් අවදි විය. එය හීනයක් පමණයි. එහෙත් වේල් කීපයකින් ආහාර නොලැබූ මගේ කුසය හොඳින් පිරී තියෙනවායනුවෙන් තමාට කියාගෙන ෙඳන් නැගිට්ටේය. තරුණයකු මෙන් තමා කාය ශක්තියෙන් සිටි නු චූ මහතාට දැනුණේය. රෝගීව දුර්වලව තිබූ කාය බලය වර්ධනය වූ බව දැනිණි.

වහාම ඔහු මත්ස්යයා සිටි පොකුණ බැලුවේය. පොකුණෙහි සිටි මත්ස්යයා අතුරු දන්ව තිබූ අතර වෙනුවට රන් කාසි මුතු මැණික් ආදි දේ එහි පිරී තිබුණි.

චූ මහතා වඩ වඩා යහපත් දේ කිරීමෙහි උනන්දු විය. පිරීහී තිබූ කාය බලය ප්රබල විය. එයින් පසුව සුවසේ දීර්ඝ කාලක් ජීවත්ව සිට පරලෝ සැපත් විය. ඔහු මිය යන විට සටහන්ව තිබූ වයස ප්රමාණය අවුරුදු 120 කි.

Love Of Life ඇසුරෙන් සකස් කෙරිණි.

No comments:

Post a Comment

Free HTML Blog 4u