Friday, January 11, 2013

බලන්න ඔවුන් නැවතත් නිදැල්ලේ



ලී චෙංග්වින් මහතා ඉතා කාරුණිකය. ඔහු තමාට විවේක ඇතිවිටෙක මුහුදු වෙරළට ගොස් මසුන් මරණ ධීවරයින් අමතා විමසන්නේ ‘’මොනවද අද ඔබ අල්ලාගෙන තියෙන්නේ? මාලු, කකුළුවො, කැස්බෑවො?’ ඉන්පසු ඔහු තම මුදල් පසුම්බිය දිගහැර මත්ස්යයින්ගේ වටිනාකම ගෙවා ඔවුන් ලබා ගෙන නැවත ඔවුන් මුහුදටම මුදාහැර ජීවිත ගලවා සතුටක් ලබයි. ඔහු අත දිගහැර වියදම් කිරීමට තරම් මුදල් ඇති ධනවතෙක් යයි ඔබට සිතෙන්ට පුළුවන. නමුත් එය එසේ නොවේ. ඔහු ධන කුවේරයෙක් නොවේ ඔහු තෘප්තියක් ලැබුවේ මරණයට කැප වූ සත්ව ජීවිතවලට අභය දානය දීමෙන් ය. ඔහු එවැනි ප්රාණීන් මුදා හැරීවිට මහත් සතුටින් උද්දාමවන්නේ මෙසේ තමාටම කියා ගනිමින්ය. බලන්න , බලන්න ඔවුන් නැවතත් නිදහස ලැබුවාඔහුගේ එම පීරති ප්රමෝදය දවස මුළුල්ලේම අඛණ්ඩව දෝංකාරය දෙමින් පවතී.

ලී මහත්මයා රස විද්යාඥයෙකි. එය රසායන, භෞතික හා දාර්ශනික යන තුන්කොන් විද්යා ක්රියාවලියෙහි ඒකාබද්ධ සන්ධිස්ථානයකි.

ඔහු හඳුනා නොගත් අනේකවිධ රසායන විශේෂ පිළිබඳව නිරන්තරවම අත්හදා බැලීම් කරයි. ඒවා පිළිබඳ පුළුල්ව පර්යේෂණ මඟින් අධ්යයනය කරයි. සමහර අවස්ථාවල ඔහු ප්රතික්රියාව ගැන විමසිලිමත්වීම පිණිස විවිධ රසායනික මිශ්රණ ඔහු ගිල දමයි. එහි ප්රතිඵලය කොතරම් භයානක කියතොත් එමඟින් ඔහු තමා විසින්ම ශරීරයට මාරක විෂ ඇතුළු කර ගැනීමක් ය. එහි ප්රතිඵලය කුමක් විය හැකිදැයි ඔබටම අනුමාන වශයෙන් සිතාගත හැකිය.

ඔහු සියතින්ම උග් විෂ ශරීරගත කරගෙන ඇත. එයින් ඔහුගේ පිටේ මහා විෂ ගෙඩියක් මතුවූයේ ය. එවන් භයානක විෂ ගෙඩියක් සුවපත් කළ හැකි කිසිදු ඖෂධයක් එවකට සොයාගෙන නොතිබුණි. එහි ඇති දරුණු වේදනාවෙන් ඔහුට රාත්රියේ නිදි වර්ජිතව සිටීමට සිදුවිය. දරාගත නොහැකි වේදනාවෙන් ඇඹරෙමින් අතට මේ අතට පෙරලමින් මහත් අපහසුවට පත්වන ඔහුට රාත්රිය ගෙවා ගැනීමද දුෂ්කර කාර්යයක් විය. ඔහු ඛ්ැරෙන්නේ හෝ පෙරලෙන්නේ හෝ කවර පැත්තකට වුවත් එහි ප්රතිඵලය වූයේ තුවාලය තවත් වේදනා ගෙනදීම පමණය.

මෙසේ සිටින විට ඔහුට එක් රාත්රියක මත්ස්යයින් කකුළුවන් හා කැස්බෑවුන් තම පිටවටා පුදුම උපදවන අන්දමට බුබුළු දමමින් හැසිරෙන ස්වභාවයක් දැනෙන්නට විය. එම මත්ස් සමූහය ඔහුගේ පිට ලෙවකමින් හැසිරෙන සෙයක්ද හැඟෙන්නට විය. එයින් ඔහුට වර්ණනා කිරීමට පවා නොහැකි තරම් වේදනාව පහවී යාමේ තෘප්තියක්ද දැනෙන්ට විය. මෙසේ ස්වල්ප වේලාවක් ගතවත්ම ඔහුගේ ඇටකටුවල රැඳී තිබුණ මහා වේදනාකාරී ස්වභාවය සම්පූර්ණයෙන්ම පහව ගියා සේ දැනුණි.

පිටද ආබාධයකින් තොර නිරුපද්රිත අංගයක් බවට පත්විය. කායික වේදනා සියල්ල සහනදායී ලෙස ඉවත් වූ ඔහු පීරතියෙන් උද්දාමයට පත්ව වහා ඇදෙන් බිමට පැන්නේය. සතුටින් ඉපිලෙමින් මහා හඬින් මුර ගෑවේය. පුදුමයි - ඇත්තටම පුදුමයිදැන් මා පෙර සිටියා වගේම නිරෝගියි. නැවතත් මා යථා තත්ත්වයට පත්වෙලා’. ඔහු සිහිය විකල්ව කෑ ගසතියි සිතූ පවුලේ වෛද්යවරයා වහා එතැනට පැමිණියේ ය. ලී ගේ අසනීපය සුව වී යයියන ප්රකාශය වෛද්යවරයා පිළිගත්තේම නැත.

මන්ද අද්භූත ගණයේ සා විශාල විෂ ගෙඩියක් පැය කීපයකින් නිට්ටාවටම සුවවීම කෙසේවත් සිදුවිය නොහැක්කක්ය යන දැඩි විශ්වාසය ඔහු තුළ වූ බැවින්ය. තවදුරටත් රෝගියා පරීක්ෂා කළ ඔහු ගෙඩිය අහෝසි වී ඇති බව අකමැත්තෙන් වුවද සනාථ කර ගත්තේය. සත් ලෙසම ලී මහත්මයා ව්යාධිය වැළදෙන්නට පෙර සිටි තත්ත්වයටම වඩා උසස් සෞඛ් තත්ත්වයට පත්ව සිටීම වෛද්යවරයාගේ් මවිතයට හේතු විය.

ලී චිංග්වෙන් මහත්මයාගේ ඉතිරි ඉදිරි ජීවිත කාලය මුළුල්ලේම ඔහුගේ අතට යම් ප්රමාණවත් මුදලක් ලැබුණ සෑම විටකම මත්ස් බෝට්ටු අංගනයට හෝ මාළු වෙළඳසැලට ගොස් ඉතා කාරුණික ස්වරයෙන් විමසන්නේ ප්රාණය සහිත මත්ස්, කකුළු හෝ කැස්බෑවුන් සිටීනම් ඔහුට ඒවා මිලයට දෙන ලෙසය. එම මත්ස් අස්වැන්න මිලදී ගන්නා ඔහු ඒවා වෙරළ තීරය දක්වා රැගෙන ගොස් මුහුදට මුදා හරින්නේය. උතුරායන මහා සිනා රැල්ලක් සහිත ඔහුගේ මුවින් පිටවන්නේ බලන්න - බලන්න ඔවුන් ආයෙත් නිදැල්ලේයනුවෙන් ය. අවසාන ප්රාණියා මුහුදේ ඈත නොපෙනෙන තෙක් මානය දක්වා ගිය පසු පීරතිප්රමෝදයෙන් ඉපිලෙන ඔහු ආපසු නිවස කරා ගොස් පීරතිය භුක්ති විඳින්නේය.

 LOVE OF LIFE ඇසුරෙන් සකස් කෙරිණි

No comments:

Post a Comment

Free HTML Blog 4u