Sunday, January 13, 2013

බිග් හසුසුගේ දිව



පැරැණි ගබඩා සංකීර්ණයක ඉදිරිපස දොරටුවෙන් ලොමු දැහැගන්වන සුලු මහා ශබ්දයක් සමගම මිනිසකු බිම පතිතවන හඬක්ද නිකුත්විය. වෙනදා මෙතැනට නුහුරු ශබ්දය කුමක්දැයි සෙවීමට අසල් වැසියෝ එක්රැස් වූහ.

එම පිරිසට දකින්ට ලැබුණේ අති භයානක දර්ශනයකි. ගව ඝාතක බිග් හසුසු ලේවිලක් මැද මැරී සිටිනු දුටු ඔවුහු මවිත වූහ. ඒ වන විටත් මෘත දේශයෙන් ලේ ගලමින් තිබුණි. මේ ගව ඝාතකයාගේ මරණය කෙසේ සිදුවීදැයි ඔවුහු වඩාත් සුපරීක්ෂාකාරී වූහ. මරණය සිදුවී ඇත්තේ ගව ඝාතකයාගේම මාරක ආයුධයෙන් ඔහුගේම දිව කැපී ගිලිහීයාම නිසා බව පසුව අනාවරණය විය.

සිද්ධියේ සත්යය මෙසේය. බිග්හසුසුගේ ජීවනෝපාය එළදෙනුන් මරා මස්කොට විකිණීමය. ගව ඝාතනයටත් වඩා තවත් දරුණූ කමකට බිග්හසුසු ඇබ්බැහි වී සිටියේය. එනම් ඔහු සෑම එළදෙනක්ම ඝාතනය කිරීමට පෙර ඇගේ දිව කපාගෙන මත්පැන් සමග එය කා දැමීමය. එම මස් රසට ඔහු මහත් කෑදර කමක් දැක්වීය. එපමණක් නොව මරන්ට පෙර එළදෙනගේ දිව කපා එය කා නිමවනතෙන් මැරුම් ලබන එළදෙනට දුක් දීමද ඔහුගේ බලවත් පාපකාරී ක්රියාවකි.

මේ ක්රමයට ඔහු එළදෙනුන් කීදෙනකුගේ දිව කා දමන්ට ඇතිදැයි කිසිවකු නොදනිති. මරණය සඳහා කැපවන එළදෙන මරන්ට පෙර දිව කපා ඇයට මරණ වේදනාවට වඩා තවත් වේදනාවක් දීම ගැන බිග් හසුසු කිසිදාක සිතා බැලුවේ නැත. එහි සාපරාධි බව ඔහුට විනෝදයක් වීමද ඔහුගේ කර්ම ශක්තියේ ඇති අවාසනාවන්ත බලයකි.

බිග්හසුසු ගේ අනපේක්ෂිත මරණය සිදුවූ දින ඔහුගේ මාරක ආයුධය සුළු මොහොතකට උළුවස්සේ මුදුනේ බළල්කාවෙහි රඳවා වෙනත් කටයුත්තකට ගියේය. ඒ අතර එම පිහිය රැඳ වූ ස්ථානයේ මීයන් දෙදෙනකු පොර කා ගන්නා බව ඇසී ඔහු වහාම එතැනට දිව විත් මී පොරය දෙස උඩ බලාගෙන සිටියේය. මී පොරය උත්සන්න විය. මෙයින් පෙර නොදුටු මේ මී පොරය දෙස බලා සිටි ඔහුගේ කට ඔහු නොදැනුවත්වම විවෘත විය. පොර කා ගන්නා මීයන්ගේ ඇගේ වැදී පිහිය තිබූ තැනින් වැටුණි. අවාසනාවකට මෙන් පිහිය පතිත වුයේ උඩ බළාගෙන කට ඇරගෙන සිටින බිග් හසුසුගේ කටටය. තියුණු පිහියට දිව කැපී ගිලිහුණේය. ලේ ගලන්ට විය. ඔහු බිම ඇද වැටුණේය. ආධාර ඉල්ලා කෑගසන්ට ඔහුට දිවක් නැත. ඔහු මිය ගියේය. බිග්හසුසුගේ මරණය ගැන ඇසූ අසල්වැසි ජනයා හිස සලමින් මෙසේ පළ කළහ. බිග්හසුසු එළදෙනුන් මැරීමේ අපරාධය ගැන කල්පනා කළේ නෑ. සතා මරන්ට පෙර සතාගේ දිව කපාගෙන එය රහමෙර සමග කා දැමීමේ විපාකය ගැන ඔහු කල්පනා කළේ නෑ. ඔහු එළදෙනුන්ගේ ජීවිත බිලිගත්තා. දැන් මීයන් දෙදෙනෙක් ඔහුගේ ජීවිතය බිලිගත්තා. ඔහුට ඔහුගේ දිව අහිමිවීමේ වේදනාවෙන් තමයි මිය යන්ට කාරණා යෙදුනේ”. “ සැම ක්රියාවක් පසු පසම ප්රතික්රියාවක් ලුහුබැඳ එනව - ඒ බව බෞද්ධයින් කථා කරනවිටත් ක්රියා කරන විටත් සිතට ගැනීම ඉතා වැදගත් බවයි බුද්ධ ධර්මය උගන්වන්නෙ” (THE LOVE OF LIVE කෘතිය ඇසුරෙනි )

No comments:

Post a Comment

Free HTML Blog 4u