Friday, January 11, 2013

කුරුල්ලන්ගේ රාජ බුහුමන




ෂෙයි මහත්මිය , අසාධ් රෝගයකින් දැඩිව පීඩාවට පත්වසිටින ස්වාමිපුරුෂයාට ප්රතිකාර පිණිස නිවසට කැඳවූ වෛද් විශේෂඥයා ඇමතුවාය.

වෛද්යතුමනි කොහොම හරි මගේ දයාබර ස්වාමියා සනීප කර දෙන්න. ඔබතුමාට ඔහු ඉක්මනින් සුවකර දෙන්ට පුළුවන්ය කියල මා විශ්වාස කරනවා

වෛද්යවරයා හිස සැලුවා මිසක කිසිදු පිළිතුරක් නොදුන්නේය.

ෂෙයි මහත්මයා අදාළ රෝගියාය. ඔහුගේ පිටේ සැරව පිරුණු විශාල ගෙඩියක් විය. එම විශාල ගෙඩිය වටා දුසිම් ගණනක් සාරය පිරුණූ කුඩා ගෙඩිද සමූහයකි. ඉවසුම් නොදෙන වේදනාවෙන් පීඩා විඳින ෂෙයි මහත්මයා ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටී. ඔවුහු මේ රෝගය සඳහා අනේකවිධ ප්රතිකාර ගත් නමුත් විශාල ලෙස මුදල් වැය කළ නමුත් කිසිදු ප්රතිඵලයක් නොවීය. විශේෂඥ වෛද් ලින් මහත්මයා කියා සිටියේ මෙය ඉතාම දුර්ලභ ගණයේ රෝගයක්. මෙම රෝගය කොපමණ දුර්ලභ කිවහොත් කිසිවකු මෙහි නමවත් අසා නැහැ. මෙම රෝගය සුවපත් කළ හැකි කිසිම බෙහෙතක් කොපමණ මුදල් තිබුණත් සොයාගත නොහැකියි. එම නිසා මෙම රෝගය හඳුන්වන්නේ කුරුලන්ගේ රාජ බුහුමන යන නාමයෙන්

මෙය ඇසූ ෂෙයි මැතිනිය එවලේම සිහිමුර්ඡාවී වැටී මියගියාය.

ෂෙයි මහත්මයා මහා ධනවතෙකි. ඔහු ඉතා දිළිදු තරුණයකුව ඉතා සුළුවෙන් බොහෝ වෙහෙස මහන්සිව ලීදඩු වෙළෙඳ ව්යාපාරයක් ආරම්භකොට පියවරෙන් පියවර දියුණුවෙමින් නගරයේ ප්රධාන පෙළේ  ධනවතෙක් බවට පත්විය. ඔහු ගේ ජීවිතයේ අකටයුතු අසාධාරණ ක්රියා කිසිවක් නැත. ඉතා අවංකව ව්යාපාරික කටයුතු කරන අතරම බොහෝ චීන ජාතිකයින්ට පොදු වු එක්තරා දුර්වලකමකට ඔහු ඇබ්බැහි වී සිටියේය. යම් විටක ඔහුට ස්වකීය පවුලේ වැදගත් අවස්ථාවක සාදයක් සංවිධානය කිරීමට ලැබුණ විට ඔහුගේ බලවත්ම කැමැත්ත අනෙක් කිසිම සාදයක දී රස විඳීමට නොලැබෙන ඉහළම තලයේ ආහාර පානවලින් අමුත්තන් පිනවීමය. එවැනි අවස්ථාවල ඔහු විශාල ලෙස ධනය වියදම් කළේය.

ඔහුගේ ඉතාම පිරය මනාප ආහාරය වුයේ අති සංකීර්ණ අති දුර්ලභ, පිසීම ඉතාම අසීරු කටගැස්මකි. හොඳින් වැඩුණ තරබාරු තාරාවකු මරා ශුද්ධ කොට තම්බා උදරය පලා ඒ තුළට තදකොට දැමිය හැකි තරම් ගේ කුරුල්ලන් ගේ ශුද්ධ කළ මළ සිරුරු ඔබා ගැඹුරු තෙල් උදුනේ බැද ගැනීමෙන් එම ප්රණීත ආහාරය පිළියෙල කරගත්තේය. අති විශේෂ අමුතන්ගේ සුවිශේෂ උසස්ම ආහාරය ලෙස සැලකෙන මෙම භෝජනය කුරුල්ලන්ගේ රාජ බුහුමන යන නමින් හඳුන්වන්නකි. (BIRDS PAY HOMAGE TO THE KING)

විශේෂඥ වෛද්යවරයාගේ ප්රකාශය ඇසු ෂෙයි මහත්මිය මහත් සන්ත්රාසයට පත්වීම පුදුම වීමට කාරණය නොවූයේ ඇගේ ස්වාමියාගේ අසාමාන් රෝගයේ නම වූයේ සියක් වාරයක් පමණ ඔහු පැවැත්වු සාද වලදී කුරුල්ලන්ගේ රාජ බුහුමන බොහෝ දෙනාගේ ගුණ වර්ණනාවට හේතුව මෙන්ම ඔහුට අකල් මරු කැඳවීමට හේතුව වීම නිසාය.

සාදය භුක්ති විඳින්නෝ මහත් අභිරුචියෙන් ඔවුන්ගේ පුරසාරම් දෙඩවිලි සමගම ස්වකීය සූප කෙවිටි (Chop Sticks) වලින් බදින ලද තාරාවගේ උදරයෙහි පුරවා ඇති බැදුන ගේ කුරුළු සිරුරු ඇද ඇද බුදිති. දහස් සංඛ්යාත ගේ කුරුළු ජීවිත වැනසූ ෂෙයි මහත්මයා සාපරාධී පාපයට මෙලොවදීම අපාදුක් විඳී. විස ගෙඩියක් සැදුන සෑම කෙනෙක්ම එය කොතරම් වේදනාකාරීද යන්න දනිති. ෂෙයිගේ මුළු පිටම එකම වණයකි. එයින් වැගිරෙන සාරය ගෙයම දුගඳ කරයි.

ඔහුට නින්දක් නැත. ආහාරයක් නැත. දැඩි දුගඳ නිසා කිසිවකු ඔහු සමීපයකට වත් නොඑති. මාස ගණනක් දුක්විඳ කිසිවකුගේ කිසිදු අනුකම්පාවට ලක්නොවු ඔහු යදියකු මිය යන්නාක් මෙන් මිය ගියේය.

මහා ධන කුවේරයකු වු ඔහුගේ ධන සම්භාරයට ඔහු වෙනුවෙන් කළ හැකිවූ කිසිදු මෙහෙවරක් නොවුයේ ඔහු ජීවිත කාලයේ දී විශාල ලෙස කරන ලද සත්ව ඝාතන හා හිංසා වල පාපකර්ම හේතුවෙනි.

Love of Life ඇසුරෙන් සකස් කැරිණි.

No comments:

Post a Comment

Free HTML Blog 4u