Friday, January 11, 2013

කරුණාවේ මහානුභාවය



චීනයේ චෙකියාං ප්රාන්තයේ කුංසිචි ප්රදේශයේ විශාලම පූජණීය ස්ථානවලින් එකක් වූයේ කෂාන් මහා විහාරයයි. එම විහාරය දිනපතාම වන්දනාකරුවන්ගෙන්, සංචාරකයින්ගෙන් හා සෞන්දර්ය ආශ්වාදලාභීන්ගෙන් නිරන්තරවම පිරීපවතී.

එක්දිනක් එම ස්ථානය නැරඹීමට උසස් විභාග අපේක්ෂකයින් දෙදෙනෙක් පැමිණියේය. ටාඕ ෂිහ් ලියං සහ ටෑං චිහ්ටිං එම ශිෂ්යයින් දෙදෙනාය. අපේ මහා ප්රඥානායක තුමා පූජනීය ස්ථානවල සම්ප්රදායනුකූල නිදහස් ජලජ ජීවි තටාක තැනීම ආරම්භ කළ ආකාරය කලින් දැනුවත් කර තිබුණි. කෂාන් විහාරස්ථානයේ අනුව අති විශාල නිදහස් ජල ජීවි තටාකයක් තිබූ අතර එම ශිෂ්යයින් දෙදෙනා විහාරය නැරඹීමට පැමිණි අවස්ථාවේ දහස් ගණනක් වූ ආඳ මත්ස්යයින් සහ වෙනත් නොයෙක් වර්ගවල මත්ස්යයින් නිදැල්ලේ එහි ඉතා සතුටින් පීනමින් රඟපාමින් සිටිනු බලා සිටියහ. එසේම ඔවුන්ට යමක් ඉටුකිරීමට සිතිවිල්ලක් පහළ විය.

ටාඕ සිහ් ලිං ශිෂ්යයා අනික් තැනැත්තා අමතා මෙසේ කීවේය. මා කැමතියි මේ ආඳ මත්ස්යයින් මුදල් දීල අරගෙන ඔවුන්ට පිහිනීමට හා ක්රීඩා කිරීමට වඩා ඉඩකඩ සහිත මහ ගඟට ගෙනගොස් මුදා හරින්න. ඒ ගඟ ගලා යන්නේ යැන්ට්සි ගංගාවටයි. එතකොට ඔවුන්ට තමන්ගේ හිතේ හැටියට අනාගත කාලය විශාල ලෙස ඉඩකඩ තියෙන එම ගඟේ සුවසේ ගත කරන්ට හැකිවේවි. ඔබ ගැන මොකද කියන්නෙ

චෑංචිහ් ටිං කීවේ ඔව් ඒක බොහෝම යහපත් අදහසක් මාත් ඔබට ඊට උදව් කරන්නම් යනුවෙන්ය.

මට හුඟක් මුදල් නෑ - අපි මේ කාර්යයට තවත් කීපදෙනෙක් දායක කරගත්තොත් අපට ආඳ මත්ස්යයින් වැඩි සංඛ්යාවක් මුදාහරින්ට හැකිවේවි

අනර්ඝයි - මං මගේ උපරිම ශක්තිය වෙනුවෙන් දක්වන්නම් චැං පිළිතුරු දුන්නේය. චෑං ළඟ රිදී අවුන්සයක් තිබුණේය. එය පරිත්යාග කළ ඔහු තමා දන්නා හඳුනන මෙවැනි සද්ක්රියාවන්ට ආධාර දෙන සැදැහැවතුන් හමුවී මෙම කාර්යය ගැන දැනුම් දී උදව් ඉල්ලා සිටියේය. එම ප්රයත්නයෙන් ඔවුහු රිදී අවුන්ස අටක ප්රමාණයක් උපයා ගත්හ.

ටාඕ සහ චෑං මහත්සේ සතුටට පත්වූහ. ඔවුහු කුලීකරුවන් කීපදෙනෙකුගේද සහාය ලබාගෙන විහාරවාසී ස්වාමීන් වහන්සේලා සමග සම්මුතියකට එළඹ ආඳ මත්ස්යයින් දහසක් තටාකයෙන් ගෙන ගඟට මුදා හැරීයහ.

කලක් ගතවීමෙන් ඔවුන්ට මෙම ආඳ මත්ස්යයින් මුදාහැරීම පිළිබඳ සිද්ධිය අමතක විය. එක්තරා වැසි සහිත දිනක රාත්රී නින්දේදී ටාඕ අමුතු මාදිලියේ සිහිනයක් දුටුවේය. සිහිනය දෙවි කෙනෙක් පැමිණ ඉතා කාරුණික ලෙස ඔහු අමතා මෙසේ කීවේය.

මහත්වරුණි ! ඔබ දෙන්නාම නැණවතුන් වන්ට පුළුවනි. නමුත් ඔබ දෙපළම මුලදී සියලුම රාජ් විභාග වලින් අසමත් වීමේ අවසානාවන්ත තත්ත්වයට පත්වුණා. නමුත් දැන් සියල්ලම ජයග්රහණය කර තිබෙනවා. ඔබ දෙදෙනාටම වාසනාව උදාවීමට හේතුව වුණේ ප්රාණීන් දහස් ගණනක් ඔවුන්ගේ ස්වභාවික නිදහසට අනුකූ® වන ආකාරයට කටයුතු සැලැස්සූවා .ඔවුන් සුඛිත මුදිත කළා. ඔබ දෙන්නා සද්ක්රියාවෙන් විශාල පිනක් සිදුකරගත්තා. ඔබගේ සියලුම රාජකීය විභාග සමත්වීමට පින මුලික හේතුව වුණා. මා පැමිණියේ ඔබට මගේ සතුට පළකර ආශිර්වාද කිරීමටත් ඔබගේ අනාගත අභිවෘද්ධිය සාර්ථක වන බව කල්තියා දැනුම් දීමටත් ය.

නින්දෙන් පිබිදුන ටාඕ පසුවදා උදෑසන තම සිහිනය ගැන කීමට තම මිත් චෑං ගේ නිවසට ගියේ ය. සිහිනය ගැන කරුණු විස්තර කෙළේය. චෑං කියා සිටියේ ඉතාම පුදුමයි ඔය හීනය ඊයේ රාත්රි මාත් ඔය ආකාරයටම දුටුවා. මාත් හිතා හිටියේ ඔබ හමුවීමට ඇවිත් විස්තර කියන්නයි කියාය.

වර්ෂයේ දෙදෙනාම රාජ්යයේ උසස් නිලධාරීන් තේරීමේ රාජකීය විභාගයට පෙනී සිටියහ. ටාඕ සහ චෑං යන දෙදෙනාම ඉහළින්ම විභාගයෙන් සමත් වූහ. රජයෙ ඉහළම පදවි වලට ඔවුහු පත්වූහ.

තමාට මේ සියලු වරප්රසාද සහ වාසනාව උදාවූයේ තමා තුළ වූ සත්ව කරුණාවේ මහා බලය නිසා බව ඔවුහු නිතර සිහිපත් කළහ. රාජ් සේවාවේදී පවා ඔවුහු මානව දයාව සහිතව කරුණාව හා අනුකම්පාව පෙරදැරිව ක්රියා කළහෙයින් චීන අධිරාජයාගේ ප්රසංශාවට ලක් වූහ.

(LOVE of LIFE ඇසුරෙන් සකස් කෙරිණි)

No comments:

Post a Comment

Free HTML Blog 4u